පොලිස් ලොක්කො තුනකට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන.!

පාතාල මර්දන කටයුතු වලට දායක වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණීය තර්ජන දුරකතන ඇමතුම් ලැබී ඇති බව වාර්තා වේ.

පාතාලය මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උරණවී සිටින පාතාල පිරිසක් මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාට වරින් වර දුරකථන ඇමතුම් ලබාගෙන මෙලෙස තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තර්ජන සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස්පතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පවසා ඇත්තේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් තමා පෞද්ගලිකවම කරුණු විමසූ බවද ඔහු සඳහන් කර ඇත.

ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට කැඳවාගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ද කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *