විමල් අද CIDයට.!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශට හෙට (09) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ ආනයනය කරන ලද බහාලූම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් කිරීම සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

ඒ අනුව, හෙට පෙරවරු 9.00 ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 4 වෙත කැදවා තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ හෙට දිනයේදී අදාල ප්‍රකාශ ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවයි ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *