සජිත්ගේ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචා දූෂණ සොයයි.!

2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාලසීමාවේ දී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහායන් ලබා දීමේ දී විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වී තිබේ.

එලෙස සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට 2025-05-17 දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *