කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා” යැයි කන්කසන්තුරය පොලිසියට ආ තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ. වුට්ලර් මහතා ප්‍රකාශ කර සිටිනවා.
කන්කසන්තරය පොලිසියේ ස්ථාවර දුරකථන අංකයට ඉකුත් 11 වෙනි දින දහවල් 1.15 – 1.20 අතර කාලයේදී ඇමතුමක් ලැබී ඇති අතර කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කර තිබූ පොලිස් සැරයන්වරයකු ඇමතුම ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් පවසයි.
දුරකථනයට සම්බන්ධව සිටි පුද්ගලයා විසින් ඊයේ දවස තුළ කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා යනුවෙන් පවසා දුරකථනය විසන්ධිකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් කන්කසන්තුරය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් කන්කසන්තුරය දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරි වෙත දන්වා ඔහුගේ උපදෙස් ලබාගෙන කොට්ඨාසයේ සෙසු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුම් වත්කර ආරක්‍ෂාව තර කිරීමට පියවර ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.
එසේම රාජකාරී සඳහා පිටගොස් සිටි සියලු නිලධාරීන්ට ආරක්ෂක ස්ථානවල රාජකාරී සිදු කිරීමට උපදෙස් දීමට කටයුතු කර ඇතැයිද දැන ගන්නට ලැබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න