වාලච්චේන කඩදාසී කම්හල දැන් ලාභ ලබන හැටි ඇමති හඳුන්නෙත්ති හෙලිකරයි.!

වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා පෙන්වාදෙන්නේ සමාගම විසින් ලබාගෙන තිබු පැරණි ණය ගෙවා අවසන් කර නව නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මීට අමතරව පාසිකුඩා නගරය ආශ්‍රිතව විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් සකස් කිරීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *