අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙන හැඩ.!

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානමින් පසුවෙන බව සඳහන් ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *