කාගම හිමියන්ගේ පිංකමට ගිය ජනපති ලොවටම දුන් මහඟු ආදර්ශය මෙන්න..

පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ අසීරුවෙන් පඩිපෙල බසිද්දී උන්වහන්සේගේ අතින් අල්ලාගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පඩිපෙළ බස්වන අයුරු කාගේත් අවධානයට ලක්විය.

ජනාධිපතිවරයාගේ මෙම සත්ක්‍රියාව සමස්ථ ලෝකයටම මහඟුආදර්ශයක් සපයන බව අප විශ්වාස කරන හෙයින් එම ඡායාරූපය මෙසේ පළ කරමු.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *