ලංවිම ලොක්කෝ 2ක් දොට්ට.. අතිරේක මූල්‍ය කළමනාකාරවරියගේත් වැඩ තහනම්.!

වංච­නික ටෙන්ඩර් ක්‍රියා­ව­ලි­යක් මඟින් රුපි­යල් ලක්ෂ 140ක් (මිලි­යන 14ක) මූල්‍ය වංචා­වක් සිදු කර ඇති බවට විධි­මත් පරී­ක්ෂ­ණ­යක් අනුව තහ­වුරු වීමෙන් පසු ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ ඉහළ පෙළේ නිල­ධා­රීන් දෙදෙ­නකු සේව­යෙන් පහ­කර තවත් විෂ­මා­චා­ර­ය­කට හවුල් බවට චෝදනා එල්ල වූ නිල­ධා­රි­නි­ය­කගේ වැඩ තහ­නම් කිරී­මට අධ්‍යක්ෂ මණ්ඩ­ලය පිය­වර ගෙන තිබේ.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය පසු­ගි­යදා රැස්වී මේ තීර­ණය ගෙන ඇත.

වසර 2023 සිදු කර ඇති මෙම වංච­නික ටෙන්ඩර් ක්‍රියා­ව­ලිය හරහා මුදල් වංචා­වට සම්බන්ධ බවට තහ­වුරු වී ඇත්තේ ඉංජි­නේරු නිශාන්ත පට­බැ­ඳිගේ නමැති නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යායි. ඔහුට එරෙ­හිව චෝදනා 33ක් ගොනු­කොට තිබූ අතර ඔහු ඉන් 31කට වර­ද­කරු වී ඇත.

විදු­ලි­බල මණ්ඩ­ලයේ මාධ්‍ය කළ­ම­නා­කරු වජි­ර­පානි බණ්ඩා­ර­නා­යක මහ­තාට චෝදනා 39ක් ඉදි­රි­පත් කොට තිබූ අතර ඔහු ඉන් 34කට වර­ද­කරු වී තිබේ. මේ අනුව ඔවුන් දෙදෙනා සේව­යෙන් පහ­කි­රී­මට අධ්‍යක්ෂ මණ්ඩ­ලය තීර­ණය කර ඇත.

එමෙන්ම වාහන අව­භා­වි­තා­ව­කට හා අර්ථ­සා­ධක අර­මු­ද­ලින් ලබා­ගත් ණය මුද­ල­කට අදා­ළව සිදු­කොට ඇති මූල්‍ය විෂ­මා­චාර චෝද­නා­වට ලක්වූ අති­රේක මුදල් කළ­ම­නා­කා­රිනී ගණ­කා­ධි­කාරි තුෂාරි ත්‍රීම­වි­තාන මහ­ත්මිය වැඩ තහ­න­ම­කට ලක් කිරී­මට ද පිය­වර ගෙන ඇත.

මෙම තීර­ණය ගෙන තිබෙ­ණුයේ විදු­ලි­බල මණ්ඩ­ලයේ විශේෂ විම­ර්ශන ඒක­කය මඟින් ඇයට එරෙ­හිව සිදු කළ මූලික විම­ර්ශ­න­ය­කින් පසු­වය.

මෙම තීරණ ගැනී­මට එහි අධ්‍යක්ෂ මණ්ඩ­ලය පසු­ගි­යදා කට­යුතු කළේ විශේෂ විම­ර්ශන ඒක­කයේ නිරී­ක්ෂණ සලකා බල­මිනි. (දිනමිණ)

Spread the news

Comments

One response to “ලංවිම ලොක්කෝ 2ක් දොට්ට.. අතිරේක මූල්‍ය කළමනාකාරවරියගේත් වැඩ තහනම්.!”

  1. එහෙම කරපු එක හොදයි. එතකොට ඉන්න වුන් ගානට ඉදියි. මේ කාලකන්නි රොත්ත ඉන්නකම් කලේ සොරකම, වන්චාව. තාම උන්ට ඕනෙ ඒකමයි. කාලයක් තිස්සේ කරපුවා අතාරින්න උන් සූදානම් නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *