ඇමැති බිමල් හදිසියේ කෝච්චියෙන් මතුවෙයි.!

අද (ජන 20) උදෑසන 7.13 ට මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා
කිසිඳු දැනුම්දීමකින් තොරව (මාධ්‍යයටත්) ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටළු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය මගියෙකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගී ජනයා සේම හිටගෙන ගමන් කළ අතර අහම්බෙන් දුටු මේ ජනතා නියෝජිත මගියා හා සුහදව කතා බහ කරමින් ගිය බවද වාර්තා වෙනවා.

ඔහු ගමන් කළ දුම්රිය ද විනාඩි 13කපමණ ප්‍රමාද වී පැමිණ ඇති අතර, එතරම් පැරණි නොවූ දුම්රියක් වුව ද විදුලි පංකා තිබූ බවට සළකුණු මිස මෙහි කිසිඳු විදුලි පංකාවක් නොතිබූ බවද නිරී්ක්ෂණය වී තිබේ.

ඇතැම් දුම්රියපොළවල් වල බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත ගොඩවෙමින් ගිය මේ ගමනින් බොහෝ ගැටලු හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *