ටිරාන්ගේ කොම්පැනියේ දෙකක්, කෝටි 29ක හොර චෙක් දී පත්තර ගහන්න කඩදාසි අරන් මාට්ටු.!

පුවත්පත් මුද්‍රණයට කඩදාසි ලබාගෙන විසිනව කෝටි එක්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය අසූහතරක(290,173,984) මුදලකට අගරු චෙක්පත් ලබාදුන් සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිලෝන් නිවුස් පේපර් පෞද්ගලික සමාගම යනු හිටපු ඇමැතිවරයකු වන ටිරාන් අලස්ට අයත් මව්බිම ඇතුළු පුවත්පත් කිහිපයක් මුද්‍රණය කරන ආයතනය වන අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම හා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් වාර්තා වේ.

කේසර ලංකා නමැති ආයතනයකින් පුවත්පත් මුද්‍රණයට මෙලෙස කඩදාසි ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

Spread the news

Comments

One response to “ටිරාන්ගේ කොම්පැනියේ දෙකක්, කෝටි 29ක හොර චෙක් දී පත්තර ගහන්න කඩදාසි අරන් මාට්ටු.!”

  1. හේරත් Avatar

    එහෙනම් ළඟදීම ටිරාන් ඇතුලට නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *