නීතිවිරෝධී සංක්‍රමණිකයෝ ලක්ෂයක් ලංකාවට පැමිණීමේ සූදානමක්.!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළිකළේ ඉදිරි දිනවලදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බව යි.

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි රොහින්ග්‍යා සරණාගතයන් පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශය සිදුකළ විමර්ශනවලට අනුව මෙම තොරතුරු ලැබී ඇති බව අමාත්‍ය විජේපාල මහතා එහිදී පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

අනවසර සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නයක් ලෙස රජය හඳුනාගන්නා බව අමාත්‍ය විජේපාල පැවසීය.

රෝහින්ග්‍යා සරණාගතයන් 116 දෙනකු පසුගියදා බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“මෙම ගමන සඳහා එම පිරිස මිනිස් ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ මුදලින් මිලියන 80ක් පමණ ගෙවා තිබෙනවා. මේ සරණාගතයින් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි” ඔහු පැවසීය.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් සරණාගතයන් ලෙස හඳුනාගන්නේ නම්, ඒ අනුව ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සඳහන් කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අන්තර්ජාතික නීතිවලට අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ද සඳහන් කළේය.

“අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හරහා සරණාගතයන් පිරිසට අවශ්‍ය ආහාර සහ ජලය ඇතුළු සියලු පහසුකම් සපයා තිබෙනවා” යැයි රොහින්ග්‍යා සරණාගතයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු දක්වමින් ඔහු පැවසීය.

2024 දෙසැම්බර් 19 වන දින මුලතිව් වෙරළ තීරයෙන් මුදාගත් මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

Spread the news

Comments

“නීතිවිරෝධී සංක්‍රමණිකයෝ ලක්ෂයක් ලංකාවට පැමිණීමේ සූදානමක්.!”ට එක් ප්‍රතිචාරයක්

  1. හේරත් Avatar

    කිසිම ආකාරයකට සරණාගත භාවය ලබා නොදිය යුතුයි. රිෂාර්ඩ් බෆුර්දීන් කියන්නෙත් ඒ වගේ ඉන්දියාවේ ඉඳල ලන්වට ආපු සරණාගතයෙක් තමයි. දැක්කනේ මිනිහගේ වැඩ කිඩ පහුගිය කාලේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *