හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්ය.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.
පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න