ජපානයේ, ටෝකියෝ නගරය අසල පිහිටා ඇති චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට කාලගුණ ඒජන්සි වාර්තාවක් උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැත.
පැයකටත් අඩු කාලයක් තුළ එරට තුළ වාර්තා වූ දෙවන භූචලනය මෙය වන බව සඳහන්ය.
ජපානයේ ටෝකියෝ නගරය අසලට පිහිටා ඇති දකුණු ඉබරාකි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් එරට වේලාවෙන් පෙරවරු 11.49ට වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසීය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න