සතුරු ඉලක්ක 15,000කට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකාව කියයි.

පෙබරවාරි මස 28 වෙනිදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ, දිනකට ඉලක්ක 1000කට වඩා වැඩි ඉලක්ක ප්‍රමාණයක් සපුරාගෙන ඇති බවය.

අමෙරිකා – ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාව මේ වනවිට දුර්වලවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉරානයට ගුවන් සහ නාවික හමුදා නොමැති බවට පීට් හෙග්සෙත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉරානයේ මිසයිල ප්‍රමාණය සියයට 90කින් ද ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන යානා ප්‍රමාණය සියයට 95කින් ද අඩුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *