ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

ඉන්ධන තොග ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගෙන් සිදු කළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය විජිත හේරත් විසින් පසුගිය මාර්තු 06 වැනිදා ඉන්දියාවේ සිදු කළ සංචාරය අතරතුරදී එරට විදේශ අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බවට දන්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *