කුෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට.

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.  

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන ඉන්දියානු ජාතිකයෙකි. 

ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 762ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *