ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල සවස 02.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අකුණු මගින් ඇතිවන අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *