වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ ඇයට හිමි නො‍බෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් වෙත පිරිනමයි.

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ විසින් ඇයට හිමි වූ නො‍බෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නොබෙල් සාම ත්‍යාගය සිය සන්තකයේ තබා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බවයි ධවල මන්දිරය සඳහන් කර තිබෙන්නේ.

තමා කළ සේවය වෙනුවෙන් වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ විසින් ඇගේ නොබෙල් සාම ත්‍යාගය තමාට පිරිනමනු ලැබුව බවත්, මෙය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු සංකේතයක් බවත් පදක්කම භාරගත් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, නොබෙල් කමිටුවේ නීති අනුව එම ගෞරව නාමය සහ ත්‍යාගය තවදුරටත් මරියා මචාඩෝ හට හිමිවන අතර, නොබෙල් ත්‍යාගයක් වෙනත් අයෙකුට පැවරිය හෝ බෙදාගත නොහැකි බව නෝර්වේ නොබෙල් ආයතනය අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *