රැකියා වෙළෙඳ පොළට ගැළපෙන ලෙස වෘත්තිය පාඨමාලා වෙනස් විය යුතුයි – ඇමති උපාලි පන්නිල.

රැකියා වෙළෙඳ පොළට ගැළපෙන ආකාරයෙන් වෘත්තිය පුහුණු පාඨමාල වෙනස් විය යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

ග්‍රාමීය සංවර්ධන, සමජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතන, ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන, පූර්ව වෘත්තීය කුසලතා මධ්‍යස්ථාන හා ළමා රැකවරණ මධ්‍යස්ථාන වල ස්ථාන භාර නිළධාරින් සමඟ ප්‍රගති සමාලෝචන හමුවක් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සමාජ සේවා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත් වුණි..

ආබාධ සහිත පුද්ගලයන් සඳහා පැවැත්වෙන වෘත්තිය පුහුණු පාඨමාලා වර්ථමාන රැකියා වෙළඳ පොළට ගැලපෙන ආකාරයට පරිවර්තනය විය යුතු බවත්, ඒ සඳහා සියළු භෞතික සම්පත් ද නවීකරණය විය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

නිළධාරීන්ගේ කැපවීම මත මෙම ආයතනයන්ගේ අරමුණු හා ඉලක්ක ජයගත හැකි බව ද වැඩි දුරටත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු ආයතන 13ක්, ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන 2ක් හා රැකවරණ මධ්‍යස්ථාන 3ක් ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා දර්ශනී කරුණාරත්න මහත්මිය, ඇතුළු දෙපාර්තමේන්තු නිළධාරීහු එකව සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *