වැඩි කළ පැය භාගය අඩුකිරීමට ගුරු වෘත්තීය සමිති අධ්‍යාපන බලධාරීන්ට දින දෙයි.

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේය.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *