කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 3ක් අක්‍රියයි?

‍කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් මේ වන විට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ එක් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයක් පමණක් ජාතික රෝහලේ ක්‍රියාත්මක මට්ටමේ පවතින බවය.

මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

මහනුවර රෝහලේ වකුගඩුවල ගල් කුඩු කිරීම සඳහා වන යන්ත්‍රයක් මීට වසරකට පෙර මිලදී ගෙන ඇති අතර එය මෙතෙක් භාවිතයට ගෙන නොමැති බව ද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *