ශ්‍රී ලංකාවේ නිල සංචිතවල වර්ධනයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර එය සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *