තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්.

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙ ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *