කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණි.එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබේ. ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න