චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය.එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ විහිදුම් ක්‍රමවේදයක් අත්හදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණ ක්‍රමවේදයක් අත්හදාබැලීමට චීන නාවික හමුදාව පසුගියදා කටයුතු කළේය.එහිදී නවීන ඉලෙක්ට්‍රො මැග්නටික් එනම් විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ විහිදුම් ක්‍රමවේදයක් යටතේ එරට නෞකා ප්‍රවාහන යාත්‍රාවක සිට ගුවන් යානා කිහිපයක් ගුවන්ගත කෙරුණි.මෙලෙස ගුවන්ගත කෙරුණේ J-15T, J-35 සහ කොන්ජින් – සික්ස්හන්ඩ්‍රඩ් නම් ප්‍රහාරක යානා තුනකි.මේ වසරට යෙදී තිබුණු ජපාන ආක්‍රමණය පැරදවීමේ 80 වැනි සංවත්සර උත්සව අතරතුර පවා ප්‍රදර්ශනය කළ මෙම යානා මේ සඳහා යොදාගැනීම කාගේත් අවධානයට ලක්විය.එම අත්හදාබැලීම සිදුවූයේ ෆූජියෑන් යුද නෞකාවේ සිටය.මෙහිදී යොදාගත් විහිදුම් තාක්ෂණ ක්‍රමවේදය වැඩිදියුණු කර තිබුණේ චීන විද්‍යාඥයින් විසිනි.එමගින් ෆූජියෑන් නෞකා තට්ටුව මත පූර්ණ මෙහෙයුම් සිදුකිරීමට ඇති හැකියාව නිරූපණය කළ අවස්ථාවක් ද ලෙස සැලකේ.චීනය සැලකෙන්නේ මෑතකාලීනව ගුවන්යානා රැගෙන යා හැකි නෞකා නිෂ්පාදනයේ කැපී පෙනෙන දියුණුවක් අත්පත් කරගත් රාජ්‍යයක් ලෙසය.ඒ යටතේ සිදුකරන චීන යුද නෞකා නිපදවීමේ වැඩසටහනේ තෙවැනි නෞකාව වන්නේ ෆූජියෑන්ය.2024 වසරේදී සාගර මෙහෙයුම් ආරම්භ කළ එම නෞකාව වාර්තා අතරට එක්ව ඇත්තේ අමෙරිකාවෙන් පිටත නිපදවූ විශාලතම සහ වඩාත්ම දියුණු තාක්ෂණයෙන් යුතු ගුවන්යානා ප්‍රවාහන නෞකාව ද ලෙසය.
චීන නාවික හමුදාව නව තාක්ෂණයක් අත්හදා බලයි.
Spread the news
අලුත්ම පුවත්
-
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්.
-
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට.
-
මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු.
-
හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි – පෙන්ටගනය.
-
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්..
-
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි .
-
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
-
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්.
-
සුමාත්‍රා දූපත් ආසන්නයේ 5.8ක ප්‍රබල භූකම්පනයක්.
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න