ආසියානු කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23) පැවැත්වේ.තරගය අඩුඩාබිහි දී ශ්රී ලංකාවේ වේලාවෙන් අද රාත්රී 08ට පැවැත්වීමට නියමිතව තිබේ.අද තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇති බව නායක චරිත් අසලංක සඳහන් කළේය.”අපි තාම කතා කරමින් ඉන්නේ. තාම ෆයිනල් කරලා නෑ 11 දෙනාව. නමුත් වමත් ක්රීඩකයින් අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව ගොඩක් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නෙක්ගේ වෙනසක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි තාම කතා කරමින් යනවා extra bowling allrounderකෙනෙක්ව. සමහර වෙලාවට පන්දු යවන්නන් හතරකින් යද්දි අපි ගාණක් ඩිෆෙන්ඩ් කරද්දි අපිට පොඩි අමාරුවක් තියෙනවා කියලා පේනවා. extra bowling allrounder කෙනෙක් සෙල්ලම් කරොත් මම පිතිකරණය කරන තැන සමහර විට උඩට එන්න පුළුවන්. එහෙම නැත්නම් මමත් දසුන් අයියත් ෆ්ලොටින් රෝල් එකක් තමා ක්රීඩා කරන්නේ. මොකද අපිට වමත් ක්රීඩකයින් හතර දෙනෙක් එක දිගට ඉන්නවා. ඒක අනිත් පිලට වාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා තමා දසුන්ව උඩින් තිබ්බේ. මම හිතනවා එයා ඒක හරියටම කර කියලා.”
අලුත්ම පුවත්
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්



ප්රතිචාරයක් ලබාදෙන්න