පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අටලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ඒකල යන ප්‍රදේශවල පදිංචි 33-46ත් අතර වියේ පසුවන පුද්ගලයින් සිව්දෙනෙකි.පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධව විහාරාධිපති හිමියන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.විහාරාධිපති හිමියන් විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සිය බැංකු ගිණුම පවත්වාගෙන යමින් තිබූ අතර මීට කලකට පෙර උන්වහන්සේගේ හැඳුනුම්පත අස්ථාන ගතවී තිබේ.ඒ අනුව මෙම සැකකරුවන් විසින් එම බැංකුවේම වෙනත් බැංකු ශාකාවක අවස්ථා කිහිපයකදී උන්වහන්සේගේ ගිණුමෙන් මුදල් සිය ගිණුම් වෙත මාරු කරගෙන පසුව මුදල් ලබා ගෙන ඇති බවත් පොලීසිය පැවසීය.සිද්ධිය සම්බන්ධයව අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න