පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.එම අධිකාරිය පැවසුවේ එම වැටලීම්වලදී සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55ක්ද ඇතුළත් වන අතර අනෙකුත් වැටලීම් 15ක්ද ඒ අතරට වන බවය.මෙම වැරදි අතරට සහල් සඟවා තබා ගැනීම, සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් අලෙවි කිරීම ආදී වැරදි ඇතුළත් වන බවත් එම අධිකාරීය පැවසීය.පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පවසයි.තවද, දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත්, වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාව පවතින බවත් එම අධිකාරිය පැවසීය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න