මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීය.එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,“දැන් සීට් බෙල්ට් අනිවාර්ය කරානේ. මම පිළිගන්නවා සමහර බස් නිෂ්පාදනය කරලා එනකොට සීට් බෙල්ට් තිබුණේ නෑ. හැබැයි බස් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න බෑ. දැන් දරුවාගේ පාසල් බෑග් එකේ පටිය දාගෙන යනවා මාව, පොලීසියේ මහත්වරුන්ව රවට්ටන්න. මේ අයට මිනිස්සු 50ක් භාර දෙන්න සුදුසු නෑ ඇත්තටම ගත්තොත්. අපි තීන්දුවක්ම අරන් තියෙනවා පොදු ප්‍රවාහනයට එන්න ඕනේ සීරියස් මිනිස්සු. ඒ නිසා අපි හිතන් ඉන්නවා මිනිස්සු ප්‍රවාහනය කරන හැම රියදුරු මහත්මයාම පොදු ප්‍රවාහන බලපත්‍රය ගන්න ඕනේ. දැන් අපි සැලසුම් හදලා ඉවරයි දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යයෙන්ම PT කියන බලපත්‍රය ගන්න ඕනේ…”
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න