අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් 2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇති බවය.එමෙන්ම කාන්තාවන් 375ක්ද එම වසරේ දී මේ සඳහා ගොදුරු වී ඇති බව හෙතෙම පැවසීය.කෙසේ නමුත් මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 114 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න