හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද (18) ගිලන්රථයක් අනතුරට ලක්වී තිබේ.අදාළ ගිලන්රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.පොලීසිය පැවසුවේ එහි සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බවය.අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
අලුත්ම පුවත්
-
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට.
-
නීති කැඩූ යතුරුපැදි 30ක් ටිපර් රථ 20ක් පොලිස් භාරයට.
-
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට.
-
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.
-
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට.
-
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්.
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.



ප්‍රතිචාරයක් ලබාදෙන්න