අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ අනුව සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවය.ඒ අනුව රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අලුත්ම පුවත්
-
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට.
-
නීති කැඩූ යතුරුපැදි 30ක් ටිපර් රථ 20ක් පොලිස් භාරයට.
-
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට.
-
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.
-
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට.
-
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්.
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.



ප්‍රතිචාරයක් ලබාදෙන්න