ගොවීන්ට සුබ ආරංචියක්… බන්ඩි පොහොර නොමිලේ…(වීඩියෝ)

ශ්‍රී ‌ලංකාවට ඊයේ (12) දින ලෝක ආහාර වැඩසටහනෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන්ට නොමිලේ ‌බෙද‍ා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත සදහන් කරයි.

එක් කන්නයක වී වගාව සදහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000ක් බැවින් පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන්ට බෙද‍ා හැරීමටද, ඉතිරිය පොල් වගාවට භාවිතා කිරීමටද ප්‍රමාණවත් බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ.

ප්‍රදානයක් ලෙස ලැබුණු පොහොර තොගයෙන් වී වගාව සදහා සියයට 50ක්, ඉතිරි සියයට 50 පොල් වගාව සදහාද භාවිත කිරීමට පසුගිය (09) වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේය.

මේ පිළිබඳ තොරතුරු ඇතුළත් සවිස්තර වීඩියෝව පහළින්…

Spread the news

Comments

One response to “ගොවීන්ට සුබ ආරංචියක්… බන්ඩි පොහොර නොමිලේ…(වීඩියෝ)”

  1. ඉතාම හොඳ තීරණයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *