රනිල්ට අද FCIDයෙන් කැඳවීමක්.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (22) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදුකර තිබේ.

සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව වැඩිදුරටත් සඳහන්ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *