ලෝක ආහාර වැඩසටහනේ නව ශ්‍රී ලංකා නියෝජිතවරයා, අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල හමුවෙයි.!

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (UNWFP) ශ්‍රී ලංකා නව නියෝජිත, පිලිප් වෝඩ් ( Philip Ward ) මහතා සහ උප නියෝජිත ඔලිවර් රොබර්ට් ( Oliver Robert ) මහතා ගරු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් 18.08.2025 දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත් වුනා.

මෙම හමුව අතරතුරදී, නව ශ්‍රී ලංකා නියෝජිතවරයා විසින් ලෝක ආහාර වැඩසටහන හරහා ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමට, මන්දපෝෂණය අඩු කිරීමට සහ දේශගුණික හා ආර්ථික කම්පන හමුවේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ජාතික වැඩසටහනට ශ්‍රී ලංකා රජයට සහාය දීමට කැපවීම පිළිබඳව අවධාරණය කළේය. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා තිරසාර විසඳුම් සහතික කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන, රජය සහ සංවර්ධන පාර්ෂවකරුවන් අතර පවත්නා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්ක සමඟ ඒ්කාබද්ධ වෙමින් ලෝක ආහාර වැඩසටහනේ මෙරට උපායමාර්ගික සැලැස්මට අනුකූලව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවට ලෝක ආහාර වැඩසටහනේ නව ශ්‍රී ලංකා නියෝජිතවරයා අවධාරණය කළේය.

පිලිප් වෝඩ් මහතා පිළිගත් අමාත්‍ය පන්නිලගේ මහතා, ශ්‍රී ලංකා රජය සමඟ ලෝක ආහාර වැඩසටහනේ දිගුකාලීන සහයෝගිතාව අගය කළ අතර, එය දිවයින පුරා සමාජ ආරක්ෂණ සහ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත්, ලෝක ආහාර වැඩසටහන හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සහයෝගීතාව කෘතඥතා පූර්වකව සිහිපත් කළේය.

මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාවය සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ති පෙරේරා මහත්මිය ඇතුළු නිළධාරිහු පිරිසක් එක්ව සිටියහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *