ඇමැති විජිතගේ ව්‍යාජ AI වීඩියෝවක් හැදූ සජබ සාමාජිකයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්.!

අමාත්‍ය විජිත හේරත් මහතා ඉලක්ක කර ගනිමින් AI තාක්ෂණයෙන් සංස්කරණය කළ බව කියන ව්‍යාජ වීඩියෝවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රමුඛ තරුණ ක්‍රියාකාරිකයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර ඇත.

පැමිණිල්ලට අනුව, සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව, ජනතා විමුක්ති පෙරමුණේ පසුබිමක අමාත්‍ය විජිත හේරත් මහතාට සමාන රූපයක් නිරූපණය කිරීම සඳහා AI තාක්ෂනය භාවිතයෙන් ඩිජිටල් ලෙස වෙනස් කර ඇත.

එහි අන්තර්ගතය අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත්කිරීම අරමුණු කරගෙන ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද ජයනාත් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම වීඩියෝව පළකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ගිණුම් හිමියාට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ඔහු CID යෙන් ඉල්ලා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *