ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නෑ.. ඇමති නලින්ද සියල්ල හෙළිකරයි.!

සුප්‍රීම් සැට් වන් නමින් හෝ චයින සැට් ටුවෙල් නමින් ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ඉන්ටර්නැෂනල් ටෙලිකොම්නිකේෂන් යුනියන්, නැත්නම් අයි.ටී.යූ එක. මේ අයි.ටී.යූ එකෙන් තමයි මේ සම්බන්ධ තාක්ෂණික සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ. එම අයි.ටී.යූ ආයතනය චන්ද්‍රිකාවක් ගොනුගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වන බව කියලා තියෙනවා.

පළවෙනි එක තමයි සැලසුම් කර ඇති චන්ද්‍රිකා ජාලය තාක්ෂණික තොරතුරු අදාළ පරිපාලන ආයතනය විසින් අයි ටී යූ වෙත ඉදිරිපත් කිරීම. දෙවනුව මෙම ඉදිරිපත් කරන තොරතුරු විසින් අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ සන්නිවේදන බාධා වළක්වා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම.

තුන්වෙනුව ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර පිළිගැනීම් සඳහා අවසාන පැරාමිතීන් දැනුම් දීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් මේ ලෝකෙම පිළිගත්ත, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා පිළිගත්ත සම්මත ක්‍රමවේදය.

මේ සඳහා අවම වසර තුනක් සාමාන්‍යයෙන් උපරිම වසර හතක් ගතවෙනවා. අන්න ඒ ක්‍රියාවලිය මෙම අයි.ටී.යූ කියන ආයතනයේ ලංකාවේ සාමාජිකත්වය දරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ අනුව අපට මේ භූස්ථාපන කක්ෂවල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන ස්ථාන දෙක.

භූ කක්ෂ පනහා සහ එකසිය විසි එකයි දශම පහ තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. හැබැයි මේ එකේ තිබෙන තොරතුරු අනුව මේ ස්ථාන අපිට වෙන් වෙලා තිබෙන අතරෙම මෙන්න මේ රටවලට, ඇෆ්ගනිස්ථානය, කිරිකිස්ථානය, මොල්දෝවා, නේපාලය, ටග්ගනිස්තා සහ රොමේනියා වගේ රටවලටත් අවශ්‍ය නම් බාධාවකින් තොරව මේ ස්ථානවල ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා.

එතකොට අයි.ටී.යූ එකේ තියෙන තොරතුරු අනුව දැනට මේ එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන භූස්ථාන කක්ෂවල ලංකාව නමින් චන්ද්‍රිකාවක් නැහැ. ඊට පස්සේ මේ අයි.ටී.යූ එක හරහා අපි හොයලා බැලුවා සුප්‍රීම් සැට් වන් නමින් චන්ද්‍රිකාවක් පවත්වනවාද කියලා. එහෙම එහෙකුත් නැහැ.

සුප්‍රීම් සැට් වන් එක පස්සේ කාලෙක චයිනාස් ඇට් ටුවෙල් කියලා නම් කරා කියලා වාර්තා කරලා තියෙනවා. මේ ලංකාවට අදාළ ස්ථානයේ කක්ෂස්ථානයේ චයිනා සැට්වෙල් එකත් අයි.ටී.යූ වෙබ් සයිට් එක අනුව සඳහන් වෙන්නේ නැහැ. මේ සුප්‍රීම් සැට් වන් නමින් හෝ චයින සැට් ටුවෙල් නමින් මේ කියන ලංකාවට අයිති කක්ෂස්ථානවල කිසිවක් වාර්තා වෙන්නේ නැති බව තමයි අයි.ටී.යූ එක වාර්තා කරන්නේ.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *