හමුදාවෙන් තරුණයෙක් ඝාතනය කළා යැයි චෝදනා කරමින් තමිල් අරසු පක්ෂය අගෝස්තු 15දා උතුර සහ නැගෙනහිර හර්තාලයක් කැඳවයි.!

ශ්‍රී ලංකා හමුදාවේ 63 වැනි සේනාංකයේ සොල්දාදුවන් විසින් පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින්, ඊට විරෝධය පළකර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 15 වැනි දින උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවා තිබේ.

32 හැවිරිදි එදිර්මානසිංහම් කබිල්රාජ් සහ තවත් සිව්දෙනකු හමුදා කඳවුරට කැඳවා දරුණු ලෙස පහරදුන් බවට වාර්තා වීමෙන් දින දෙකකට පසු, අගෝස්තු 9 වැනි දින මුත්තයියන්කට්ටු වැවේ තිබී එදිර්මානසිංහම් කබිල්රාජ්ගේ මළසිරුර සොයාගත් බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් සොල්දාදුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, බාධාවකින් තොරව පරීක්ෂණයක් පවත්වා වගකිව යුතු අය වගකිව යුතු බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.

උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදා විශාල ලෙස රැඳීසිටින බවත්, එම පිරිස් අඩුකරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මැදිහත්වී පළාත් දෙක පුරාම හර්තාලය පැවැත්වීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *