රතන හිමි, රාජිත, හල්ලොලුව සොයා දිගටම මෙහෙයුම්.!

හිටපු අමාත්‍යවරයෙක් වන රාජිත සේනාරත්න, හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව යන තිදෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විට අල්ලස් කොමිසම සහ කොළඹ අපරාධ කොට්ඨාශය දැඩි වෙහෙසක් දරමින් සිටී.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ අල්ලස් කොමිසම විසින්.

මාසයක් තිස්සේ අල්ලස් කොමිසම රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වමිනුයි සිටින්නේ.

එහෙත් මේ දක්වා අඩුම තරමින් ඔහු සැඟව සිටින ස්ථානයක් ගැන හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අල්ලස් කොමිසම ඔහු පස්සේ පන්නමින් සිටින්නේ ධීවර ඇමතිවරයාව සිටියදී සිදුව ඇතැයි කියනු ලබන දූෂණයක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

තුසිත හල්ලොලුව සහ අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වන අතර, දින කිහිපයක් තිස්සේ ඔවුන් දෙදෙනා සොයා මෙහෙය්ම් දියත් කළද මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන් ගැවසෙන ස්ථානයක් පිළිබඳව හෝ කිසිඳු තොරතුරක් සොයා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *