විශ්‍රාම වැටුප අපට දියව්.. මන්ත්‍රීවරු 500ක් සටනේ.!

හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි අදාළ පනත් සංශෝධනය කර නව පනත් කෙටුම්පත් දෙකක් සකස් කිරීම සඳහා පසුගියදා ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විශ්‍රාමික මන්ත්‍රීවරු එකමුතුව පවසන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මන්ත්‍රීවරුන් පන්සියයකට අධික ප්‍රමාණයක් සාමාජිකත්වය ලබාගෙන ඇති විශ්‍රාමික මන්ත්‍රී එකමුතුව ජිනීවාහි මානව හිමිකම් කොමිසම් සභාවටද ලිපියක් ඉදිරිපත් කර ඇති අතර එමගින් පෙන්වා දී ඇත්තේ බොහොමයක් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට ජීවත්වීම සඳහා වෙනත් ජීවනෝපායක් නොමැති බවයි.

ඒ අතරින් බහුතරයක් අසනීප තත්ත්වයන්ගෙන් පසුවන බැවින් ඔවුන්ට රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමේ හැකියාවක්ද නොමැති බව එහි සඳහන්.

දැනට පවතින පුද්ගලික අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමට පවා මෙම විශ්‍රාම වැටුපෙන් අසීරු තත්ත්වයක් මත මෙයද අහෝසි කර දැමීම අසාධාරණ බව ඔවුන් පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *