සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ දෙන්නේ නෑ – නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170කට ආසන්න ප්‍රමාණයෙන් බරැති කළු ගලක් සොයා ගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඊයේ (01) එම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මතුව ඇති ගැටළු පිළිබඳව එම පාර්ශ්වයන් සමග සාකච්ඡාවකද නිරත විය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විවිධ පාර්ශ්ව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලීන් හේතුවෙන් සීනි කර්මාන්තය බිඳ වැටීමට වත්මන් රජය ඉඩ නොදෙන බවත්, අවංකව ක්‍රියා කරන සේවකයින්, ගොවි මහතුන් රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගන්නා බවත්ය.

එමෙන්ම මෙහි ප්‍රධාන ක්‍රියාවලිය වන සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීම තවදුරටත් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *