සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කර ගැනුණි.
ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවීය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බවය.
මේ අතර සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරගත් බවද කථානායකවරයා සභාවට දැනුම්දුනි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න