රටේ ජනතාවගේ ඉල්ලීම වූ ප්‍රගතිශීලී දේශපාලන සංස්කෘතිය සමග වෙනස් වෙන්න බැරිනම් එතැනින් ඉවත් වෙන්න කියා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.එසේ නොමැතිනම් ඉවත් කිරීමට සිදුවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරත් සඳහන් කරන්නේ.මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද(17) ආරම්භ කෙරුණා.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එම අවස්ථාවට එක්වුණා.කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් මේ යටතේ සිදු කෙරනවා.එම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 8.6ක්.ආර්ථික අර්බුදය හේතුවෙන් ඊට වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටවූවා.ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකා ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී තිබෙනවා.මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37ක්.
අලුත්ම පුවත්
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .



ප්‍රතිචාරයක් ලබාදෙන්න