ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් අද (5) පැවති ආගමික වතාවත් සඳහා ඔහුගේ පුතුන් තිදෙනෙකු වන මසූඩ්, මොස්ටාෆා සහ මේසම් සහභාගි වී තිබේ.
ඔවුන්ට අමතරව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ එරට විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී අහ්මඩ් වහිඩි ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෙසේ නමුත් ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කර සිටින මොජ්තාබා කමේනි තවමත් සිය පියාගේ අවමංගල්‍ය උත්සවයට පැමිණ නොසිටීම විශේෂත්වයකි.
අයතුල්ලා ඝාතනය කෙරුණු අමෙරිකානු – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මොජ්තාබා ද තුවාල ලබා ඇති බවට පැතිර යන කටකතා හේතුවෙන් ඔහුගේ වත්මන් තත්ත්වය තවමත් අබිරහසක්ව පවතී.
පසුගිය මාර්තු මාසයේදී නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමෙන් පසු මොජ්තාබා මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.
එරට රාජ්‍ය නායකයින් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් අයතුල්ලා වෙත අවසන් බුහුමන් දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති.
ඉරාන බලධාරීන් පවසන්නේ ‘සියවසේ අවමංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම අවමංගල්‍ය උත්සව සඳහා මිලියන 12 ත් 20 ත් අතර ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
උත්තරීතර නායකයාගේ නිල අවමංගල්‍ය කටයුතු පසුගිය සිකුරාදා (3) ආරම්භ වූ අතර, ඉදිරි සතිය පුරා ඉරානය සහ ඉරාකය කේන්ද්‍ර කරගනිමින් විවිධ ගුණානුස්මරණ උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇත.
කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරානයේ පිහිටි ‘ග්‍රෑන්ඩ් මොසාල්ලා’ සිද්ධස්ථානයේ තැන්පත් කර තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න