ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.

ඒ එම පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවා විවාදයට ගැනීමෙන් අනතුරුවය.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල් ප්‍රමාණයන් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම මෙම සංශෝධන පනත් කෙටුම්පත මඟින් යෝජනා කරන ලදී.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මඟින් වයස අවුරුදු 16ට අඩු ළමයින් කිසිදු සේවයක යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එමෙන්ම, වයස අවුරුදු 16 ට වැඩි එහෙත් අවුරුදු 18 ට අඩු තරුණ පිරිස් සේවයේ යෙදවීමේදී සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු විශේෂ රෙගුලාසි හා කොන්දේසි රැසක් ද මෙම පනත මඟින් පනවා තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *