වසර 16කට හිරේ ගිය හිටපු ඇමති සරණව වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කරන්න යොදවයි.

බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතුවලට යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර භූමියේ ඇති පුස්තකාලය, ලේඛනාගාරය ආදි කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදෙන බව ද එම ආරංචි මාර්ග තහවුරු කළේය.

එසේම හිටපු ඇමැතිවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලීව කටයුතු කරන බවත් සඳහන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *