ශ්‍රී ලංකාවට සහාය දීමේ ස්ථීර හවුල්කරුවෙකු ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිටින බවත් රටේ ජනතාව සහ රටේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ අරමුණු සාක්ෂාත් කරගැනීමට සහාය වීමට සූදානම් බවත් එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා යළිත් තහවුරු කර තිබේ.
මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයන් වෙත ප්‍රකාශයක් සිදුකරමින් ජෝර්ජියේවා පැවසුවේ, ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටත් ආර්ථිකය තිරසාර හා ඉහළ වර්ධන මාවතකට යොමුකිරීමටත් සිය අධිෂ්ඨානය යළිත් තහවුරු කර ඇති බවයි.
ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් සහ අනෙකුත් නිල ණය හිමියන්ගෙන් අඛණ්ඩ සහයෝගය සමඟ ණය තිරසාරත්වයට අනුරූප වන ණය හුවමාරුවකට බැඳුම්කර හිමියන්ගේ සහභාගීත්වය හිමිවීම මෙම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල සාර්ථකත්වය තහවුරු කිරීමට අවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න