ජනතාවගේ සියළු දීමනා වැඩිවෙන්නේ මෙහෙමයි… (වීඩියෝ)

ඊයේ (2) දිනයේ පැවැත්වූ කැබිනට් රැස්වීමේදී අස්වැසුම ලාභී ජනතාව වෙත හිමි සහන තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බව අද (3) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව මෙමස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ සංක්‍රාන්ති සහනය ලබනා පවුල් ලක්ෂ 4ක ජනතාවගේ දීමනාව මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත්, අවධානමට ලක්වූ කාණ්ඩයට ඇතුලත් පවුල් ලක්ෂ 4ක ජනතාවගේ දීමනාව තවත් වසරකට දීර්ඝ කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ හිමි දුප්පත් කාණ්ඩයට අයත් පවුල් ලක්ෂ 8කට හිමි රුපියල් 8,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරනා බවත්, අන්ත දුගී කාණ්ඩය යටතේ ප්‍රතිලාභ හිමියන්ට ලැබෙනා රුපියල් 15,000ක දීමනාව රුපියල් 17,500ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සවිස්තර වීඩියෝව පහළින්….

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *