අම්බලන්තොට ගොවි විරෝධය උණුසුම් වෙයි

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින් ගොවීහු විරෝධතාවක විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට තරමක බාධා එල්ල වූ අතර, අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් මාර්ගයෙන් පසෙකට වී විරෝධතාවයේ නිරත විය.මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ගොවීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඔවුන්ගේ අදහස් දැක්වීමට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුව එම බහින්බස්වීම දුරදිග යාමෙන් තල්ලු කිරීම් ඇතුළු සිදුවීම් ඇති වූ අතර, පහරදීමක්ද සිදුවූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.

අදාළ ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයා අනතුරුව අම්බලන්තොට රෝහල් මාර්ගය දෙසට දිව ගොස් ඇති අතර, එහි පැමිණි පොලීසිය තත්ත්වය පාලනය කර තිබේ.

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ගොවීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඔවුන්ගේ අදහස් දැක්වීමට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුව එම බහින්බස්වීම දුරදිග යාමෙන් තල්ලු කිරීම් ඇතුළු සිදුවීම් ඇති වූ අතර, පහරදීමක්ද සිදුවූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.

අදාළ ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයා අනතුරුව අම්බලන්තොට රෝහල් මාර්ගය දෙසට දිව ගොස් ඇති අතර, එහි පැමිණි පොලීසිය තත්ත්වය පාලනය කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *