නීතිවිරෝධී මත්පෙති තොගයක් සමඟ තරුණයෙකු මාට්ටු

නීතිවිරෝධී මත්පෙති තොගයක් සමඟ පානදුර මෝදරවිල තට්ටු නිවාසක සංකීර්ණයේ දී තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර හොරණ පොලිස් විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක තරුණයෙකුය.

සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී මත්කරල් 810ක් සහ යකඩ කඩු 2ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පුද්ගල‍යෙකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැක කටයුතු ලෙස අනාවරණය කර ඇති බව සඳහන් වෙයි.

සැකකරු හා අදාළ භාණ්ඩ තොගය පානදුර දකුණ පොලිස් ස්ථානයට භාරදී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *